Thursday, April 16, 2015

තාත්තා නැති අවුරුද්ද | Awurudu without Thaththa



තාත්තා නැති අවුරුද්ද.....
මෙවර සිංහල අළුත් අවුරුද්ද තාත්තා අප අතරින් සමුගෙන ගිය පසු අප සමරන පළමු අළුත් අවුරුද්ද වන්නේය.
තාත්තා ජීවත්ව සිටින තාක් කල් සිංහල අළුත් අවුරුද්දට නිවසේ මොන යම් හෝ වෙනසක් කළේම ය. එක්කෝ මුළු නිවස ම හෝ කොටසක් හෝ පුළුවන් හැටියකට අළුතින් තීන්ත ගෑවේය. නැතහොත් මනාව සකස් කර තිබූ ගෙමිදුලේ යම් වෙනසක් කළේය. එක්කෝ නිවසට අළුතෙන් වටිනා යම් බඩු මුට්ටුවක් රැගෙන ආවේය. අඩු ම තරමේ නිවසේ ආලින්දයේ හා සාලයේ බඩු මුට්ටු තබා තිබූ අකාරය වෙනස් කිරීම හෝ කළේය. අළුත් අවුරුද්දට නෑදෑ හිත මිතුරන් පැමිණෙන විට නිවසේ යම් වෙනසක් තිබිය යුතු යැයි තාත්තා හැම වර ම කී කථාවකි.
"ගෙවල් දොරවල් හැම දා ම එක ම විදිහට තියාගෙන ඉඳල හරි යන්නෙ නෑ.... අවුරුද්දකට සැරයක් වත් ගෙවල් දොරවල් වෙනස් වෙන්න ඕනෙ.... නැතිනම් කිසි වගතුවක් නෑ...." ඒ තාත්තා කී කථාවයි.
එය ඇත්තකි. මා ද එය විශ්වාස කරමි.
ඉවුම් පිහුම්වල පටන් පෙදරේරු, වඩු, ජල නල, උද්‍යාන අලංකරණ ඈ එකී මෙකී නොකී ගෙදර දොරේ සෑම වැඩක් ම තනිය ම නූලට ම කිරීමේ මනා හැකියාවක් තාත්තාට තිබුණේය. ගෙය පිංතාරු කිරීමක දී තාත්තා ගෙයින් පිටත සිවිලිම ආදී තනිව ම කිරීමට අපහසු කොටස් හැර අන් කිසිවක් තීන්ත බාස් කෙනෙකුට භාර නොදුන්නේය. මා දෙන්නේ ද නැත. ඒ ලෝභකමට නොවේ. තාත්තාටවත් මටවත් වඩා හොඳින් අපට ඕනෑ හැටියට සීරුවටත් අලංකාරවත් තීන්ත ගෑමට අප කැඳවූ එකදු තීන්ත බාස් කෙනෙකුටවත් නොහැකි වූ නිසාවෙනි (මෙය පුරසාරම් කථාවක් නොවේ, දන්නෝ දනිති).
"සල්ලිත් ගෙවලත් හිතේ හැටියට වැඩේ කරගන්න බැරි වුනා...." යන්න තාත්තාත් මාත් තීන්ත බාස්ලා කැඳවූ හැම වර ම විස්සෝප වූ කාරණාවකි.
පසු ගිය සිංහල අවුරුද්දට පෙර අප නිවසේ අළුත් වැඩියා කිරීම් හා වෙනස්කම් බොහොමයක් සිදු කෙරිනි. ඒ හමාර වී අවුරුදු කටේ මුළු නිවස ම පිංතාරු කරන්නට යෙදුනි. ඒ වනවිට තාත්තා සිටියේ වැඩ පළ කිරීමට හැකි මට්ටමක නොවේය. ඔහුගේ පාදයේ අසනීප තත්වය බොහෝ උත්සන්නව තිබුණි. රැකියා කටයුතු හේතුවෙන් මට ද වැඩි කාලයක් නිවසේ අළුත් වැඩියා කටයුතු සඳහා මිඩංගු කිරීමට නොහැකි විය. තීන්ත බාස්ලා පස් දෙනෙකු පස් වරකට ගෙන්වන්නට සිදු විය. පස් දෙනාට ම වැඩ අතර මග නවතා දමා බැනුම් අසා ගෙන යන්නට සිදු විය. තාත්තාගේත් මගේත් වචනවලින් පවසන්නේ නම්, "උන් ඔක්කොම පල් හොරු" ය. එක් තීන්ත බාස්ලා දෙදෙනෙකු තාත්තා ළඟ නොසිටින්නට තව පොඩ්ඩෙන් මගෙන් ගුටි කන්නේය. අවසානයේ කෙසේ හෝ වේලාව සොයා ගෙන මම ම තීන්ත ගෑවෙමි. බාස්ලා තීන්ත ගා තිබූ ඇතැම් බිත්තිවල මට නැවත තීන්ත ගාන්නට සිදු විය.
"මම ගෑව නම් ඔච්චර හොඳට ගාන්නෙ නෑ..." කියා මා ඇතැම් සියුම් තැන්වල තීන්ත ගානු බලා සිටි තාත්තා සතුටෙන් කීවේය. මට ද එය සතුටකි. තාත්තාගේ අත් ගුණය තාත්තාටත් වඩා හොඳින් මට පිහිටා ඇතැයි මට සිතේ.
තාත්තා ද බැරි පුළුවන් ගායෙන් ඇතැම් තැන්වල තීන්ත ගෑවේය. සියුම් අලංකරණ කටයුතු ද කළේය. ඒවා නිවසේ සාලයේ හා ආලින්දයේ අද ද දක්නට ඇත. එනමුදු, ඒ තීන්ත ගෑමෙන් හාර මසකට පසු එළඹි තාත්තාගේ ම මළ ගෙදර නිසාවෙන් බිත්ති සියල්ල කිළිටි වී ගියේය. අනිත්‍ය යනු එයයි. මා පසක් කර ගත්තෙමි. කිළිටි වී ගිය බිත්ති, වියැකී ගිය අලංකරණයන් නැවත පිංතාරු කිරීමට මට සිත් නොදේ. කිළිටි වී වියැකී ගිය ද, ඒ තාත්තා සිය නිවසේ සිය අතින් ම අවසන් වරට කළ කී දෑ ය.
ඉඳින්..... මෙවර අවුරුද්දේ එකී අතීත කථා මෙනෙහි කරමින් අපි අවුරුද්ද දරා සිටියෙමු.
තාත්තා විසින් සිය අතින් ම මනාව උද්‍යාන අලංකරණය කර තිබූ ගෙමිදුලේ මා තණ කොළ කපා ගස් කප්පාදු කොට අවුරුද්ද පිළිගන්නට සූදානම් කළෙමි. නංගී මුළු නිවසම "මොප්" කර පිරිසිදු කළාය. වෙනත් අවුරුදුවල තාත්තා එය ඔහු විසින් ම මට බැන බැන ඕනෑකමින් තනිව ම කළ කාර්‍යයකි. මොන යම් හෝ හේතුවක් නිසාවෙන් හෝ "මොප්" කිරීම මා අකමැති ම කාර්‍යයකි. අම්මාට ද කැවිලි පෙවිලි සෑදීම හැර සුපුරුදු වැඩ රාජකාරි තිබුණේය.
අප කිසිවෙකු අළුත් ඇඳුම් ගත්තේ නැත. කැවිලි පෙවිලි සැදුවේ හෝ කඩෙන් ගෙනාවේ ද නැත. අළුත් අවුරුද්දක් ලබන බැවින්, නිවස හා වත්ත පිටිය පිරිසිදු කිරීම පමණක් කළෙමු. වෙනත් අවුරුදුවල මා රුපියල් දහසකට වඩා මුදලක් රතිඤ්ඤාවලට වියදම් කරන්නේමය. පුණ්‍ය කාලය උදා වීමේ පටන් ආහාර අනුභවය දක්වා සෑම නැකතකට ම මා වෙන වෙන ම රතිඤ්ඤා වැල බැගින් පත්තු කරන්නේය. ඔව්.... ඔබ සිතුවා හරි ය.... මට පිස්සු වෙන්නට ඇති.... නමුත් මා හම්බ කරන්නට ගත් කාලයේ පටන් රතිඤ්ඤා, අහස් කූරු, නිලා, බඹර චක්‍ර, තුන් හුලස් ආදී දෑ සඳහා ඒ සා වියදම් කළෙමි. මා අවුරුද්දේ වැඩි ම ආශ්වාදය ලබන්නේ කොන්ඩ කැවුම් ගිල දැමීමෙන් හා රතිඤ්ඤා පත්තු කිරීමෙනි. මෙවර ඒ කිසිවක් නැත. වෙන එකක් තියා අප තාත්තා නැති සොවින් තැවෙන බව දන්නා අල්ලපු ගෙදර උදවිය පවා මෙවර රතිඤ්ඤා පත්තු නොකළෝය. අප පවුලට බොහෝ ළබැඳි හෝ එසේ විය යුතු යැයි අප සිතනා ඇතැමුන්ට නැති ළබැඳියාවක් අහල පහල උන්ට තිබේ (ඔව්... එය ඇනුම් පදයකි).
නොනගතයට පෙර අම්මා බත් උයා ලිප් නිවා දැමීය. නොනගතය ලැබූ පසු ද මා වත්ත පිටිය සුද්ද කරමින් සිටියෙමි. අවුරුද්ද ලබන මොහොතේ මා සිටියේ නාන කාමරයේය. වෙන දා නම් කල් වේලා ඇතුව නා පිරිසිදු වී අළුත් ඇඳුම් ඇඳ නැකතට රතිඤ්ඤා පත්තු කරන්නේය. කිරි ඉතිරවීමේ නැකතට නම් අප තිදෙනා ම වට වී කුස්සියේ ලිප් බැඳ, ගිණි මොලවා කිරි ඉතිර වීමු. තාත්තා අපත් සමග සිටි පසු ගිය අවුරුද්දේ නම්, අම්මාත් මමත් බොහෝ වෙලා කෙතරම් උත්සාහ කළ ද, කිරි මුට්ටිය උතුරවා ගත නොහැකි විය. අවසානයේ තාත්තගේ ම කීමට අප එය ඇත හැර දැමුවෙමු. එනමුදු, වාසනාවට හෝ අවාසනාවට මෙවර නම් කිරි මුට්ටිය හතර වටින් ම උතුරා ගියේ අපට පහු ගිය අවුරුද්ද හා තාත්තා මතක් කරමිනි.
ආහාර අනුභව කිරීමේ නැකත..... වෙනදා ට නම් තාත්තා ශුභ දිශාව බලා, ලුණු මිරිස් ද සමග අනා කිරි බත් කටක් සතුටින් කන්නේය. ඉන් පසු එයින් ම පිළිවෙලින් අම්මාට, මට හා නංගීට සිනහ මුසු මුහුණින් ම කවන්නේය. ඉන් පසු නංගීත් මමත් තාත්තාට හා අම්මාට බුලත් දී වඳින්නෝය. ඔවුන් දෙදෙනාට අප ගෙනා අවුරුදු තෑගි බෝග ද පිළිගන්වන්නෝය. තාත්තා හා අම්මා ද අප දෙදෙනාට තෑගී දෙන්නෝය. නංගීත් මමත් කෙතරම් ලොකු මහත් වුව ද, අම්මා සහ තාත්තා කෙතරම් වැඩිහිටි වුව ද මෙකී දෑ අප පවුලේ නොකඩවා සිදු කෙරිනි. ඉන් පසු මා දිව ගොස් රතිඤ්ඤා වැල පත්තු කරන්නේය. පරිගණකය අසළට දිව ගොස් නැකතට වැඩ ද අල්ලන්නේය. කිරි බත් සහ කොන්ඩ කැවුම්වලට වග කියන්නේ ඉන් පසුව ය.
මෙවර ඒ කිසිවක් නැත. නොනගතයට පෙර ඉවූ බත සහ ව්‍යංජන පිඟානකට බෙදා අනා ගත් අම්මා නැකතට ශුභ දිශාව බලා ඉන් කටක් කෑවාය. ඉන් පසු කඳුළු පිරි දෙනෙතින් පිළිවෙලින් නංගීටත් මටත් කැවුවාය. පසුව නංගීත් මමත් අම්මාට බුලත් දී වැන්දෙමු. අප මෙවර අළුත් අවුරුද්ද එලෙස දරා සිටියෙමු.....!!!!
මෙවර අහල පහල බොහෝ පිරිස් ලහි ලහියේ අපට අවුරුදු කෑම පිඟන් රැගෙන ආවෝය. වෙන ද නොඑන අය ද මෙවර ආවෝය. ඒ අපට අවුරුදු නැති බව දන්නා නිසාවෙනි. අපට ළබැඳි නිසාවෙනි. තාත්තාට ළබැඳි නිසාවෙනි. ආ හැමෝම මතක් කළේ තාත්තාගේ ගුණය. අප තිදෙනා සිනා මුහුණින් සියල්ල දරා සිටියෙමු.
නංගීට නම් මෙවර මද අස්වැසිල්ලක් තිබුණි. වෙනදාට මා නිවසට වී මහත් අභිරුචියෙන් යුතුව කොන්ඩ කැවුම් ගිල දමමින් රතිඤ්ඤා පත්තු කරද්දී ඈ කෑම පිඟන් දෝතින් ගෙන "එසේම වේවා...." යැයි කියමින් ගම වටා ගියාය. මෙවර ඈට ඒ කරදර නැත.
නෑ ගම් ද නොගියෙමු. නෑයෝ නම් එනු ඇත. දුරකථන ඇමතුම්වල ද අඩුවක් තිබුණි. වෙනදා අවුරුද්දට අපට කථා කරන ඇතැමුන් මෙවර කථා නොකළෝය. අපට අවුරුදු නැති නිසාවෙන් ඇතැමුන් කථා නොකළ බව නම් දැනගන්නට ලැබුණි. එනමුත් කථා කළා නම් අප සතුටු වන්නේය.
කෙසේ හෝ...... තාත්තා නැති අවුරුද්දේ අපි සියල්ල දරා සිටියෙමු. කොටින් ම..... අවුරුද්ද දරා සිටියෙමු.....!!!!!
ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා..... :) :) :)

Sunday, January 29, 2012

1st Month Review of Lessons Learnt and Reconciliations 2011

When I was posting Lessons Learnt and Reconciliations 2011, I had decided to follow all the reconciliations mentioned, during the coming 2012.
As January 2012 has already finished now, I thought of carrying out a self progress review of lessons and reconciliations, on how far they have been actioned during the 1st month of TwentyTwelve by me.


Lesson 1:
All Desirable things in life are either Illegal, Banned, Expensive, Married to someone else or... Getting married to someone else soon.
This was the best lesson I learnt in 2011. I learnt it in January 2011.
This is January 2012, and the lesson has been proven again.
But I keep myself sticked to Reconciliation 1.

Reconciliation 4:
I strictly adhered to this during January 2012.

Reconciliation 5:
I think I adhered bit too much to this during January 2012.

Lesson 6:
Lesson was proven again & again.
Reconciliation 6:
I strictly adhered to this during January 2012.
It always helped me to "Walk Tall" & kept my ego high up when I was totally down.

Reconciliation 8:
I strictly adhered.

Lesson 10 & Reconciliation 10:
I got able well plan and do many things.
Now there is an ad-on to the lesson which I learnt in this month - "Always have a Plan B in Life".

Lesson 11:
Proven again in this month.
Reconciliation 11:
Should have more weight on actioning this.

Lesson 12:
Proven again & again in January 2012.

Reconciliation 13:
I thought of spending more on religious activities (Buddhism).

Reconciliation 14:
I strictly adhered to this during January 2012.


Moreover, I can say... all reconciliations were actioned by me up to a percentage of 85%.
thanQ for spending your time reading this boring post.
Catch you again with some interesting stuff later.


Tuesday, December 27, 2011

උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන 2011 - Lessons Learnt and Reconciliations 2011

Hi all,
මේ ගෙවී යන්නේ 2011 වසරේ අවසාන දවස් කිහිපයයි.... Christmas Parties, Shopping වගේ දේවල් හැරුණු විට, මේ දවස්වල වැඩි දෙනෙක් හිතන, අවධානය යොමු කරන වැදගත් ම දෙයක් තමයි, මේ අවුරුද්දෙ මොකද වුනේ.... ලබන අවුරුද්දෙ මොකද කරන්නෙ කියන එක.....
So, talking about myself also on the same topic, here with I have published my own analysis report.
It has been named after the recently released Sri Lankan government's legendary report of LLRC-Lessons Learnt and Reconciliation Commission.



උගත් පාඩම් අංක 1:
All Desirable things in life are either Illegal, Banned, Expensive, Married to someone else or... Getting Married to someone else soon.
ප්‍රතිසංවිධාන අංක 1:
Keep waiting... (තව ඉවසපන් වරා)

උගත් පාඩම් අංක 2:
People are far different from your first impression, specially girls, but... some or other they are same.
ප්‍රතිසංවිධාන අංක 2:
Take more time to understand and judge people.

උගත් පාඩම් අංක 3:
Not everyone express their true feelings to you.
ප්‍රතිසංවිධාන අංක 3:
Do Not Play with someone else's Feelings, but..... Do not take others' problems into your account.


උගත් පාඩම් අංක 4:
Somewhere someone (at least someone) Loves you like more than anything else in this world and thinks about you every moment.... surely, every night.
ප්‍රතිසංවිධාන අංක 4:
Strictly.... Mind Your own Business if you don't Love them in return....!!!!


උගත් පාඩම් අංක 5:

Even though you consider the lesson 2, First Impression always counts.

ප්‍රතිසංවිධාන අංක 5:

There is no harm spending some extra on personal grooming.



උගත් පාඩම් අංක 6:
Good physical health and fitness improves your personal image... and it boost up your Mind, Body & Soul trio.

ප්‍රතිසංවිධාන අංක 6:

Keep going to the Gym.

උගත් පාඩම් අංක 7:
Showing yourself back seated due to various reasons (Ex: not well, not in a mood etc.) always take your opportunities away from you.
ප්‍රතිසංවිධාන අංක 7:
Whatever happened, get up, dress up and show off.
Don't forget the morning bath.... having it, will keep you sure fired your Adrenalin levels throughout the day.

උගත් පාඩම් අංක 8:
Don't hesitate to spend on what you want, than on what you really want and than on what you really really want.
ප්‍රතිසංවිධාන අංක 8:
Money Never Sleeps - you can't keep on saving, that.... once in a while you have to spend a lump some for something before money wakes up. Otherwise you will loose the whole lot @ the wake up.

උගත් පාඩම් අංක 9:
Lotteries aren't a good Investment, but.... most of the time, you can earn back at least the investment.
ප්‍රතිසංවිධාන අංක 9:
Keep buying Tickets.

උගත් පාඩම් අංක 10:
Planning your work is essential, but..... working out your plan is.... Mandatory.
ප්‍රතිසංවිධාන අංක 10:
Don't waste time on planning if you are not sure that you will work out the plan.
Just do it without a plan or..... workout the plan or...... just do nothing.

උගත් පාඩම් අංක 11:
Lost opportunities are never found again
ප්‍රතිසංවිධාන අංක 11:
Keep alert and your brain polished.... to not to miss any.

උගත් පාඩම් අංක 12:
Lost time is never found again
ප්‍රතිසංවිධාන අංක 12:
Do it Today… B’cos, tomorrow can be, Too Late….!!!!!
One minute Late is Late but, Two minutes Late is….. Too Late……!!!!

උගත් පාඩම් අංක 13:
Enjoy life,  Timely (ජීවිතේ ඒ ඒ කාලෙදි, ඒ ඒ ආතල් ගන්න ඕනි).
ප්‍රතිසංවිධාන අංක 13:
Always do what Heart says, and.... Live Life to the Fullest, but...... Don't forget to follow your religion.

උගත් පාඩම් අංක 14:
Sooner or Later.... Dreams come True.
ප්‍රතිසංවිධාන අංක 14:
Keep dreaming and aim high.... and moreover, keep Faith on Yourself......!!!!




උගත් පාඩම් අංක 15:

Keep up to date.

ප්‍රතිසංවිධාන අංක 15:

Your Google and Facebook accounts are such wonderful tools on the Internet.... use them to the maximum.


All the lessons learnt and reconciliations mentioned above are open for conversation.
I hope to activate all the Reconciliations in coming TwentyTwelve....!!!!


එළඹෙන 2012 වසරේදී ඉහත සඳහන් සියලු ප්‍රතිසංවිධාන ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වෙමි.
ස්තුතියි.

Sunday, August 21, 2011

chamilawara@theageofThirtyOne

Exactly 1 year ago, when I was writing this same kind of an autobiography, just to step into the 31st year of my life, I was with a bunch of targets and plans, and all of them I had bundled together, and was calling the “OSPI 2008 Beta Project”.
But I can clearly say today, moreover, last year was, A Failure…..!!!!!
Cos, even after three and half years of time, my so called OSPI 2008 Project still runs in Beta state.
Out of all the Programs of OSPI Project, last year, I could succeed only the “MoneyNeverSleeps Phase I”. Comparatively, it too was a great achievement…. But,
“MoneyNeverSleeps Phase II | Code named Virgin” failed and failed and failed and failed, and failed for several times that I finally abandoned it. And its substitute “MoneyNeverSleeps Phase IV | Code named UnMatched” is still without a feasibility study.
“MoneyNeverSleeps Phase III” too is still just only an Idea.
And out of all, the most remarkable thing happened in last year was, that I saw the Love of My Life, My “sudu neluma”, getting married to someone else…..!!!!
So, are there any other reasons for me to say that, last year wasn’t a failure………?????
There are two good lessons that I learned for life, in last year:
Number One is….
“Do it Today… B’cos, tomorrow can be, Too Late….!!!!!”
For most of the things….. I didn’t do today…. and tomorrow was Too Late.
And I understood that, I am Very Good in planning, in both professional and personal, but I am so poor, when executing the plans.
And I understood that, I always Plan all my Work, but I never Work out the Plan.
And I clearly understood that, One minute Late is Late but, Two minutes Late is….. Too Late……!!!!
And I also understood that, it was the only reason where, many of the OSPI Project Programs failed….!!!!
Number Two is….
All desirable things in life are, either Illegal, Banned, Expensive, Married to Someone Else…. or, Getting Married to someone Else soon……!!!!!!
I know, and few of you also know that, there are couple of people for whom, I am the Love of there Lives…… but I really don’t know, why I don’t feel like the same….!!!!
And I know that, “sorry” seems to be the hardest word but, I should say sorry that, sometimes I was so harsh to all of them….!!!!
But I know that, Love of My Life, is not for me….. anymore….!!!!!
BUT……
Out of all, the OSPI 2008 Beta Project is still running…….
Year by year, I’m still “Growing Up” , without “getting older”.
Truthfully speaking, I’m still running on my own path on which, there may be followers but, no one is leading me…..!!!
And I’m still Happy & Content….. and Proud of My Self too…..!!!!
And I’m still looking forward, to be the best “Samanalaya”, I can be……!!!!
That is……. chamilawara@theageofThirtyOne
And….. the Mission continues……!!!!! J

Saturday, August 28, 2010

GreatAugust











@ the beginning of this August TwentyTen, I just updated my facebook status as “Welcome great August…. My 2nd most favorite month of the year……!!!” and most of my friends happened to ask for the reason. Truthfully speaking, there are lots of interesting reasons to grade August like that and I just thought of posting them on my LifeBitz blog so that everyone can enjoy.

I can remember… it was when I was in Year 6 in school that I started exploring the months of the year. I graded August as my 2nd most favorite month.

There are lots of reasons for grading August as the 2nd most favorite month.

Since those Year 6 school days, I have experienced August school holidays as the longest in the year. Normally August holidays last only 1 month. But my school and many of my friends’ schools too had A/L paper marking we all had more than a month long August holiday which normally ended in mid September. So, since those Year 6 childhood days, I have been loving the month of August.

Second reason is, August is the month where all those my most favorite mouth watering tropical fruits come out on the streets. There are මැන්ගුස්, රඹුටන්, උගුරැස්ස, ගල් සියඹලා and ගඩු ගුඩා etc. One may wonder whether I forgot දූරියන්, but I didn’t forget, I just purposely cut it off as I don’t like them.

You can eat bananas or pine apples or water melons, or even mangoes throughout the year. But you will never find ගඩු ගුඩා or ගල් සියඹලා or others except in August and around.

Since the days I started earning money, a considerable amount from my August and September earnings normally goes to all those people who sell above fruits on the streets. When I bring them home, every time what my mom says is ඔව ඔච්චර කන්න එපා, හරි ඌෂ්ණයි..... but from experience I know that my body has no irritating reactions over those උෂ්ණ kinds of foods. So I enjoy them to the maximum.

Third reason is, the weather of August….. There are no rains during August. But it is not hot also, like in January to April. There is lots of wind blowing around where I think one can enjoy the best climate in Colombo. Paddy has been harvested and there is no drenching mud in fields. I can enjoy playing foot ball with friends on half rotten paddy fields…. and play එල්ලේ too. Out of all, the most interesting thing is playing with kites. It is the time of the year for kites as there is lot of wind around. If I go to the harvested paddy fields down our lane in the evening, there I can find lots of happenings…. Some of my friends play foot ball on half rotten mud, some are busy with their kites. Some just enjoy watching. Probably I also join with the foot ballers as the goal keeper. In between not forget to touch the string of a kite too…..

So I think now you all can understand the reasons…. ya the happening reasons for me to grade August as my second most favorite month of the year…..

There’s one more….. the fourth one….

That is my B’day…. That also falls on August, adding another happening reason. It’s the time of the year to receive a big number of presents, wishes, hugs & blessings etc.

Now this is the end of August, TwentyTen…..!!!! May this blog be a tribute to GreatAugust.

Don’t forget, August is only the second most favorite month. The most favorite month of the year is yet to come… catch u again there…..!!!! J


Sunday, August 22, 2010

chamilawara@TheAgeofThirty


Few minutes ago… I was in my late late Twenties… then the clock strucked mid night 12… & now I’m in my earliest Thirties... 2nd by 2nd, day by day, the world moves on, & the life goes on… Is chamilawara getting older..??? If U r saying YES, then U r Absolutely wrong MyDear… b’cos, Growing Older is Mandatory… anyone can Grow Older… but Growing Up, like chamilawara & few others do is, Optional… I know that there may be followers behind me, but I’m sure that no one can lead me… cos I run on my own path… the path is nothing but the OSPI Project, which I launched to benefit myself, & the outside utopia too… along with the Project, slowly & gradually, I’m Achieving all my Targets… I’m Happy & Content… & Proud of MySelf too… but as few of U have been advising me for several times, I may be Too Late in some of the Life’s Precious Events… but U all know that, I will Never Quit… & will Get the Best…!!! so, for all those Lovely Hugz & Wishes… U all are Welcome… in Advance….!!!!! that is MyMission… that is MyVision… & that is chamilawara@TheAgeofThirty....!!! J


Sunday, August 15, 2010

What is LifeBitz is about?

Hi all,

LifeBitz is my first blog on the web.
And as the description depicts, this really is all about simplified and complicated LifeBitz from my day-today incidents.
As this blog goes on, I think you all will be able to go through more interesting day-today affairs of everyone among us.

On publishing a blog on the web, I should thank two people.
First of all its my dear friend Bugs (Bhagya Gunaratne) for introducing the Blogger to me by her own blog, when I was searching for a good place to blog.
Second its my dear friend Awa (Awanthi Hewage) for just pumping up my writing brains again, through her first blog.

So just keep peeping into this, as I will be dropping more interesting stuff in dayz 2 cum...... hok hok hok.....!!!
-chamilawara. :)